බොලිවුඩයේ ජනප්‍රිය නිළි කත්‍රිනා කයිෆ්, මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ තමා ගැබ්ගෙන ඇති බවට තොරතුරු හෙළිදරව් කිරීමත් සමඟ ඇගේ රසිකයන් මහත් සතුටට පත්ව සිටිති. කෙසේ වෙතත්, මෙම පුවතත් සමඟම තවත් පිරිසකගේ අවධානය යොමු වී ඇත්තේ 42 හැවිරිදි වියේදී මවක් වීමට සූදානම් වන කත්‍රිනා කයිෆ් ගේ සාඵල්‍යතාව
ගැනයි.වයස අවුරුදු 40 ඉක්මවූ පසු මවක් වීමේ හැකියාව සහ එහි ඇති අභියෝග පිළිබඳවයි. ඒ මක්නිසාද යත්, සාමාන්‍ය ව්‍යවහාරයේදී වයස 40 ඉක්මවීමෙන් පසු මවක් වීම ඉතා අසීරු කාර්යයක් ලෙස සැලකෙන බැවිනි.
විවිධ වාර්තා සහ සමාජයේ පවතින මතයන්ට අනුව, වයස අවුරුදු 35 න් පසු කාන්තාවන්ගේ සරු භාවයේ මට්ටම ක්‍රමයෙන් මන්දගාමී වන බව පිළිගැනේ. විශේෂයෙන්ම වයස අවුරුදු 40 ඉක්මවූ පසු මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි අතර, ස්වභාවිකව ගැබ් ගැනීමේ හැකියාව සැලකිය යුතු ලෙස අඩු වේ.
මෙවන් පසුබිමක් තුළ, 42 හැවිරිදි වියේදී මවක් වීමට සූදානම් වන කත්‍රිනා කයිෆ්, වයස 40 න් පසුවත් මාතෘත්වයේ සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ කරන බොහෝ කාන්තාවන්ට නව බලාපොරොත්තුවක් එක් කර තිබේ.
වයස අවුරුදු 40 ඉක්මවූ පසු මවක් වීමට උත්සාහ කිරීමේදී විවිධ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. කාන්තාවන්ගේ සරු භාවය දුර්වල වීම, ඩිම්බවල ගුණාත්මක භාවය සහ සංඛ්‍යාව අඩු වීම වැනි කරුණු මේ අතර ප්‍රධානය. එමෙන්ම, මෙම වයසේදී ගැබ් ගැනීම සඳහා වැඩි කාලයක් ගතවීමට හෝ ඇතැම් විට IVF වැනි තාක්ෂණික ක්‍රමවේදවල සහාය ලබා ගැනීමටද අවශ්‍ය විය හැකිය.
එපමණක් නොව, මෙම වයස් කාණ්ඩයේ ගැබිණි මවුවරුන් දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි සංකූලතාවලට ගොදුරු වීමේ අවදානම ඉහළ ය. නොමේරූ දරු උපත් හෝ දරුවාට වර්ණදේහ අසාමාන්‍යතා ඇතිවීමේ සම්භාවිතාවද සාපේක්ෂව වැඩි බව වෛද්‍යවරු පෙන්වා දෙති. මෙම හේතූන් මත, වෛද්‍යවරුන් මෙම වයසේ ගැබ් ගැනීම් “අධි-අවදානම්” කාණ්ඩයට ඇතුළත් කරනු ලබයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය මිෂෙල් වයි. ඕවන්ස් පෙන්වා දෙන පරිදි, මෙම වයසේදී මවක් වීම අභියෝගාත්මක වුවත්, නූතන වෛද්‍ය පහසුකම් සහ නිසි සැලකිල්ල යටතේ එය කළ නොහැක්කක් නොවේ. ගබ්සා වීම් හෝ මළ දරු උපත් සඳහා වැඩි ඉඩක් පැවතියද, නිසි වෛද්‍ය අධීක්ෂණය සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම තුළින් අවදානම් අවම කරගනිමින් ආරක්ෂිතව මවක් වීමේ හැකියාව පවතී.
(NDTV ඇසුරිනි)