BREAKING NEWS
Search

කුලියාපිටිය අනතුර – සිසුන් 05 දෙනෙකු කොළඹ සහ කුරුණෑගල රෝහල් වෙත මාරු කර යවා ඇත.

2488

 

කුලියාපිටියේ අද උදෑසන වාර්තා වූ අනතුරෙන් තුවාල ලැබූ ශිෂ්‍යාවන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් සිසුන් තිදෙනෙකු කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූ ඉතිරි සිසුන් අට දෙනා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

අද උදෑසන 07.00 ට පමණ කුලියාපිටිය දුම්මලසූරිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ පාසල් සිසුවියන් 15 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් එම ප්‍රදේශයේ පාලමක් මතදී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.

වෑන් රථයේ රියදුරු සහ වයස අවුරුදු 12 සහ 13 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකු තුවාල ලබා එම ස්ථානයේදීම මිය ගිය අතර, ඉතිරි සිසුන් කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

ටිපර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!