BREAKING NEWS
Search

කුමාර සංගක්කාර නැවතත් රාජස්ථාන් රෝයල්ස් පුහුණු කාර්‍ය මණ්ඩලයේ ලොකු පුටුවට

294

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් පුහුණුකාර ධූරයෙන් ඉවත්වීමෙන් පසු, එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සඳහා නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට, 2021 සිට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර, ඩ්‍රාවිඩ්ගේ නික්ම යාමෙන් ඇති වූ හිඩැස පිරවීමට නියමිතයි.

ඔවුන් මේ වනවිටත් 2026 වාරය සඳහා සැලසුම් කිරීම ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

2021 දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා සම්බන්ධ වූ දා සිට, සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකක් කටයුතු කර ඇති අතර, සංජු සැම්සන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ඔහුගේ අධීක්ෂණය යටතේ වාර හතරක් තුළ දෙවරක් ප්ලේ-ඕෆ් වටයට පිවිසියා.

hiru gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *