පසුගිය දවස් වල සමාජ මාධ්‍යයේ වැඩිපුරම කතාබහට ලක් උන මාතෘකාවක් බවට ජනප්‍රිය තේ සන්නාමයක ප්‍රචාරණ දැන්වීමක් පත් වෙලා තිබුණ බව ඔබට මතක ඇති.
මේ ප්‍රචාරණ දැන්වීම නැතහොත් (කෙටි චිත්‍රපටය) පිලිබඳව පළ උන අදහස් අතර සාධනීය ප්‍රතිචාර වගේම ඇතැම් විවේචනත් එල්ල වෙලා තිබුණේ මේ හරහා LGBTQ අන්තර්ගතයන් ප්‍රවර්ධනය වෙනවා වැනි අදහසක් පළ කරමින්.
කොහොම උනත් අවසානයේ වටවල ආයතනය මේ කතාබහට ලක්උන දැන්විම නැතහොත් කෙටි චිත්‍රපටය මාධ්‍යයෙන් ඉවත් කර ගැනීමට පවා කටයුතු කරලා තිබුණා.
ඉතින්, මේ දැන්වීම් නිර්මාණය සඳහා නිර්මාණකරණයෙන් සම්බන්ධ උන ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වගේම වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙක් වෙන ලක්මාල් ධර්මරත්න මේ ගැන සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් පළ කරලා තිබුණා.
අදාළ සිදුවීම වෙලා සතියකට පමණ පසුව අදහස් දක්වන්නට සිදු උන හේතුවත් ඔහු මෙහිදී පැහැදිලි කරලා තියෙනවා.
මතු දැක්වෙනේ එම සටහනයි.
(උපුටා ගැනීම)
“පහුගිය දවසක මම සම්බන්දවුණු ‘වටවල තේ’ වෙනුවෙන් නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපට තුනකින් එක් චිත්‍රපටියක් ගැන සෑහෙන සංවාදයක් එළියේ ඇතිවෙලා තිබුණා. මේකට ආයතනයක් සම්බන්ද නිසාත් ඒ ආයතනය ආයතනික ව්‍යුහය ඇතුලේ ඊට අදාල කාරණා අවසන් කරගන්නා තුරු මට මගේ පැත්තෙන් දවස් කීපයක් නිහඬව ඉන්න උණා. එතනදී මට වෙන විකල්පයක් තිබුණේ නෑ…..
මේ ඒ “කෙටි චිත්‍රපටි තුනම” ගැන කරපු කතාබහක්. මේකෙන් ඔය විවාදයට ලක්වුණ ෆිල්ම් එක ඇරෙන්න අනෙක් අය ගොඩක් දෙනා ඊට කලින් දාපු ෆිල්ම්ස් දෙක බලලා නැති නිසා මේකෙ ඒ ලින්ක් දෙක දානවා. සාමාන්‍යයෙන් මාසෙකට වෙළඳ දැන්වීම් දෙකක් විතර කරන මම කවමදාවත් මම කරන දැන්වීම් එකක්වත් ලක්ෂයක් විතර ෆලෝ කරන මේ පේජ් එකේ දාන්නේ නෑ. හේතුව ආට් වෙනුවෙන් මාව ෆලෝ කරන අයට ඇඩ්ස් පෙන්නන්න මට අවශ්‍ය නැති නිසා සහ ඉස්සරහටත් මම එහෙම කරන්නෙත් නෑ අනිවාර්යෙන්…. නමුත් මේක විවාදයකට තුඩුදුන්න එකක් නිසා ඒ ෆිල් ෆිල්ම්ස් තුනෙන් ඔය වෛරල් වුණ කෙටිචිත්‍රපටය හැර අනෙක් දෙකේ ලින්ක්ස් පහලට එකතුකරනවා. ඒ වගේම අනෙක් ෆිල්ම් එක ආයතනය නිල වශයෙන් ඉවත්කල නිසා ඒක මේකේ දාන්න බෑ…. නමුත් ඒක සමාජ මාධ්‍යයේ තියනවා….
https://www.facebook.com/share/v/1DJdUzoFn2/
https://www.facebook.com/share/v/16MkBBjaLg/
මේකේ පහලින්ම තියෙන්නේ ගුණෙ අයියගේ කාමරේදී ඒක ගැන කරපු සංවාදයක්. ඇත්තටම මේක ෆේස්බුක් එකේ ලියන්න බැරි දිග කතාබහක් නිසා ඒක අර වගේ එකකින් කතාකරන එක හොඳයි. මේ තියන්නේ ඒ කතාබහ. මේ ගැන සංවාද කරන්න. මේ වැඩවල පරමාර්ථයම උනේම තේ හෝ බඩු විකුණන එක නෙවෙයි…. ඒ වෙනුවට අළුත් අළුත් සමාජ සංවාද…..
ප.ලි
මාව නොදන්න නමුත් අපේ නිර්මාණ දන්න, සහ ඉතාම හොඳින් පුද්ගලිකව මාව දන්න අය පවා කෝල් එකක් හෝ මැසේජ් එකක්වත් නොදා වේගයෙන් Judgements වලට යන හැටි බලාගෙන සිටීම විසින් මට මම ජීවත්වෙන, මම නිර්මාණ හදන වටපිටාව ගැන අළුත් දැනුමක් ලැබුණා…. ඒකට ඇත්තටම ස්තුතියි… අපි හැම දවසකම ඉගෙන ගන්නවා….. ඒත් මම හෙටත් ඔබව හම්බුණාම මම ඔබ එක්ක ගනුදෙනු කරන්නේ මගේ “හඳ තියරියෙන්”….. මේ තියෙන්නේ ඒක…
https://www.facebook.com/share/p/179YEhWMkq/
ඒ තමයි හෙට උදේටත් මම ගණුදෙනු කරන්නෙ ඔබේ ආලෝකමත් පැත්ත එක්කම විතරයි….
ලකා.
(උපුටා ගැනීම අවසන්)
(මෙම සටහන ‘Laka Darmarathna’ ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)
Credit goes to Mirror Arts







