එළවළු මිල ප්රදර්ශනය නොකර වැඩි මිලට විකුණූ අම්බලන්තොට වෙෙළඳුන් කිහිප දෙනෙකුට හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය මඟින් නඩු පවරා ඇත.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ එළවළු ප්රවාහනය හා වගාවන්ට සිදු වී ඇති හානි සැලකිල්ලට ගෙන එළවළු වෙළඳුන් එළවළු මිල උපරිම මට්ටමෙන් ඉහළ දමා ඇති බවට පාරිභෝගිකයින් විසින් හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය වෙත සිදු කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම පෙරේදා (03) සිදුකර ඇත.
වැටලීම සිදු කිරීමට කලින් දිනයේ අම්බලන්තොට නගරයේ පොදු වෙෙළඳසල් හිමියන්ට එළවළුවල මිල ප්රදර්ශනය කිරීම සිදු කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් දැනුම්වත් කිරීමක්ද සිදු කර තිබියදී එය සැලකිල්ලට නොගත් වෙෙළඳුන් මිල ප්රදර්ශනය නොකර එළවළු අලෙවි කිරීමේ වරදට එළවළු වෙෙළඳුන් දෙදෙනකුට එරෙහිව නඩු පැවරීමට හම්බන්තොට දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පියවර ගත්හ. ඉදිරියේදී තවදුරටත් සෙසු නගරවල මෙන්ම එළවළු වෙෙළඳසල් පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගන්නා බවද පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීහු සඳහන් කළහ.
Source – Dinamina







