BREAKING NEWS
Search

සෙව්වන්දිට පිස්තෝලෙ හංගන්න නීති පොතයි බොරු අයිඩී එකයි හදාදුන් නීතීඥවරියක අත්අඩංගුවට

2536

 

අධිකරණ සංකීර්ණයක් තුළදී ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා යොදාගත් ගිනි අවිය සැඟවීමට ආධාර අනුබල දුන් හා ව්‍යාජ නීතීඥ හැඳුනුම්පතක් සැකසීමට උදව් කර තිබූ නීතිඥවරියක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) කඩවත ප්‍රදේශයේදී මෙම සැකකාර නීතිඥවරිය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කරන්නේ, අදාළ ඝාතනය සඳහා භාවිත කළ පිස්තෝලය වසන් කිරීම පිණිස, ඉෂාරා සෙව්වන්දි නමැත්තිය වෙත දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දීමටද මෙම නීතිඥවරිය ක්‍රියා කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මෙම උදව් උපකාර නිසා කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි දැඩි රැකවල් මැද අධිකරණයට ගෙනවිත් සිටි පාතාල සැකකරුවෙකු ඉතා පහසුවෙන් ඝාතනය කරන්නට අවශ්‍ය ආධාර අනුබලය ලැබී තිබූ අතර නීතීඥවරිය සිය වෘත්තීය දිවුරුම පවා මුදලට පාවාදී එය උල්ලංඝනය කරගෙන මෙම සාපරාධී අපරාධයට ආධාර ලබාදී ඇති බව පෙන්නුම් කර තිබේ.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!