BREAKING NEWS
Search

මාධ්‍ය අනාවරණයෙන් පසු LECO සභාපතිගේ ‘කළු බෙන්ස්’ එක නවතී

206

හිටපු සභාපති ජනක අලුත්ගේ මහතා විදේශගතව සිටියදී ඔහු පවා නොදැනුවත්ව ආයතනයේ නිලධාරීන් විසින් මෙම වාහන ඇණවුම සිදු කර ඇති බවත්, එබැවින් එම ක්‍රියාව සම්බන්ධයෙන් සභාපතිවරයා වෙත චෝදනා එල්ල කිරීම අසාධාරණ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ලෙකෝ ආයතනය විසින් වාහන මිලදී ගැනීම සඳහා මුලින් රුපියල් කෝටි හැට දෙකක මුදලක් අයවැයෙන් වෙන් කර තිබුණ ද පසුව එම මුදල රුපියල් මිලියන 46 දක්වා අඩු කරගෙන ඇති බව අමාත්‍යවරයා විස්තර කළේය.

මෝටර් රථ හතක් සහ ඩබල් කැබ් රථ දහයක් ඇතුළුව වාහන දාහතක් සඳහා එම මුදල වෙන්ව තිබූ බවත්, සභාපතිවරයා භාවිත කළ රථය නිරන්තරයෙන් කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් එය අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන දෙක තුනක මුදලක් වැය වී ඇති බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

කෙසේ වෙතත්, සභාපතිවරයාගේ පරිහරණය සඳහා දැනටමත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් පවතිද්දී තවත් නව රථයක් ඇණවුම් කිරීම රජයේ මුදල් අවභාවිතයක් බව එම ආයතනයේ සේවකයෝ පෙන්වා දෙති.

 

මීට අමතරව නිලධාරීන්ගේ පරිහරණය උදෙසා ‘බීවයිඩී’ (BYD) වර්ගයේ වාහන දහයකට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා මිලදී ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

සමාගමේ සභාපතිවරුන් සඳහා 2009 සහ 2013 වර්ෂවලදී මිලදී ගත් සුපිරි පන්තියේ වාහන තවමත් ඉතා හොඳ ධාවන තත්වයේ පවතින බව සේවකයින් පෙන්වා දී ඇති අතර, මෙම ගනුදෙනුව සම්බන්ධ තොරතුරු පසුගිය දින කිහිපය පුරාම මාධ්‍ය මගින් දිගින් දිගටම වාර්තා කර තිබිණි.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!