BREAKING NEWS
Search

ප්‍රමිතියෙන් තොර ඔසුසල් 82ක බලපත්‍ර නවත්වයි !

553

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නිසි ප්‍රමිතිය නොමැතිකම හේතුවෙන් ඔසුසල් අසූ දෙකක බලපත්‍ර අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

ඔසුසල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව ඔහු සඳහන් කළේය.

ඉන් ඔසුසල් 137ක බලපත්‍ර යාවත්කාලීන කර නැත්තේ ඖෂධවේදීන් ඒවායේ පූර්ණකාලීනව සේවයේ නොයෙදවීම හේතුවෙන් බවත් පූර්ණ කාලීන ඖෂධවේදියෙකු ඉදිරිපත් කරන තෙක් බලපත්‍ර යාවකාලීන කිරීම නොකරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ඖෂධවේදීන් නැති ඔසුසල් සඳහා බලපත්‍ර ලබාදිය නොහැකි බව කී අමාත්‍යවරයා සුදුසුකම් සම්පූර්ණ කළ ඔසුසල් 1820කට බලපත්‍ර ලබාදී ඇතැයිද පැවැසීය

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!