BREAKING NEWS
Search

අපවත්වූ හිමිවරුන් හා ප්‍රතිකාර ලබන හිමිවරුන්ගේ නම් ලැයිස්තුව

5715

මැල්සිරිපුර, පන්සියගම පිහිටි නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා 13 නමක් ගමන් ගත් ඩක්කුවක බර අධිකවී කේබල් කැඩීයාමෙන් පසු පෙරළී හදිසි අනතුරකට ලක්වීමෙන් විදෙස් භික්ෂූන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා 7 දෙනෙක් අපවත් වූහ. 6 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවේ.

ජීවිතක්ෂයට පත්වූ භික්ෂූන් අතර විදේශීය භික්ෂූන් වහන්සේ 3 දෙනෙකු ද වන අතර ඉන්දීය, රුසියානු සහ රුමේනියානු ජාතිකයින් බව අනාවරණය වී තිබේ.
පොලිසිය පැවසුවේ, උන් වහන්සේලා අවුරුදු 27ත් 59ත් අතර වයස්වල පසුවන්නන් බව ය.
අපවත්වූ හිමිවරුන් හා ප්‍රතිකාර ලබන හිමිවරුන්ගේ නම් ලැයිස්තුව පහත පරිදිය.

 

නා උයන අනතුරින් අපවත්වී වදාල මහා සඟරුවන
1. මල්වානේගම සමිද්ධි හිමි – අවු 47
2. නාවලපිටියේ උත්තරානන්ද හිමි – අවු 27
3. නුගේගොඩ විපස්සී හිමි – අවු 37
4. ඉන්දියන් ධම්මගවේසී හිමි – අවු 31
5. උඩවලවේ සන්තසුමන හිමි – අවු 59
6. රුමේනියාවේ ධම්මරංසි හිමි – අවු 48
7. රුසියන් ධම්මරක්ඛිත හිමි – අවු 48

 

ප්‍රතිකාර ලබන මහා සඟරුවන
1. අනිවත්තේ සරණංකර හිමි – අවු 34
2. ගල්නෑවේ පඤ්ඤාදීප හිමි – අවු 36
3. රාජගිරියේ ලෝකහිත හිමි – අවු 39
4. පොකුණුවිට පවරසමාහිත හිමි – අවු 26
5. උණපානේ චන්දසිරි හිමි – අවු 35
6. පන්නිපිටියේ ඉන්දෝභාස හිමි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!