BREAKING NEWS
Search

පියා කැපූ වැසිකිළි වළට වැටී කුඩා හෙලෝන් දිවි හැරයයි

2838

 

 

පියා විසින් කපා තිබූ වැසිකිළි වළට වැටී ඔහුගේ බාල පුත්‍රයා ජීවිතක්ෂයට පත්ය ඇති පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා විය.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි එම වතුයායේම 3 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හෙලෝන් සසාන් නැමති 08 හැවිරිදි සිසුවාය.

එම වතුයායේ ඉහළ කොටසේ වතුකම්කරුවෙකු විසින් අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදි කිරීම සඳහා අඩි 06ක පමණ ගැඹුරකින් යුත් වළක් මෙම පියා විසින් කපා තිබී ඇත.

මෙම කුඩා දරුවා වැසි ජලය පිරී තිබූ එම වළ අසළින් ඊයේ (03) ගමන් කරමින් සිටි අවස්ථාවක ඔහු එම වළට වැටෙන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් සැකපල කරයි.

මද වෙලාවක සිට සිය බාල පුත්‍රයා නිවසේ නොමැතිවීමත් හේතුවෙන් පියා විසින් ඒ පිලිබඳව සොයා බලා තිබේ.

පසුව ඇති වූ සැකයක් මත වැසිකිළි වළ අසල පරීක්ෂා කිරීමේ දී එම ස්ථානයේ තිබී දරුවාගේ පාවහන් යුගළ දැක ඇත.

පසුව ඔහු වළ තුලට බැස පරික්ෂා කිරීමේ දී එහි සිය පුත්‍රයා සිටින බව දැක අසල්වාසීන්ගේද සහාය ඇතිව දරුවා ගොඩට ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළද ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය පරික්ෂණ පවත්වයි.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *