BREAKING NEWS
Search

පොඩි ළමයින්ට ටික්ටොක් බෑ… ටික්ටොක් වලට හදුන්වා දුන් අලුත්ම තාක්ෂණය මෙන්න

530

ByteDance සමාගමට අයත් TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා නව තාක්ෂණයක් ඉදිරි සති කිහිපය තුළ යුරෝපය පුරා ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය එක්සත් රාජධානියේදී වසරකට අධික කාලයක් පැවති පරික්ෂණාත්මක වැඩසටහනකට අනුව සංවර්ධනය කර ඇති බව TikTok සඳහන් කරයි.

මෙම තාක්ෂණය, ගිණුමේ තොරතුරු, පලකරන වීඩියෝ සහ පරිශීලක හැසිරීම් තොරතුරු විශ්ලේෂණය කර අදාළ ගිණුම 13 වයසට අඩු පුද්ගලයෙකුට අයත්දැයි අනාවරණය කිරීමට උපකාරී වේ.

තාක්ෂණය අනාවරණය කළ ගිණුම් ස්වයංක්‍රීයව අහෝසි නොකර, විශේෂ නිරීක්ෂකයින් විසින් සලකා බැලීමට නියමිතය බව වාර්තා වෙයි.

මෙම නව වැඩපිළිවෙල, 13 වයසට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනා ගැනීමේ සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ යුරෝපානු නියාමන පීඩනයට පිළිතුරක් ලෙස සිදු කෙරේ.

පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාව 16 වයසට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතයට සීමා පනවූ අතර, යුරෝපා පාර්ලිමේන්තුව සමාජ මාධ්‍ය වේදිකා සඳහා වයස් සීමා ඉදිරිපත් කර ඇත.

ඩෙන්මාර්ක් 15 වයසට අඩු පරිශීලකයන් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට යෝජනා කරයි.

උපුටාගැනීම – Ada Derana

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!