BREAKING NEWS
Search

“අද ඔයා දිහා බලලා එදා අපි ඒ ගත්ත තීරණය හරි කියලා අපිට දැන් හිතෙනවා.. ඉතිං අපිට ඔයා ගැන ආඩම්බරයි…” දියණියකගේ ජයග්‍රහණය ළඟ පියෙකුගේ ආදරණීය හැඟීම වචනයෙන් කියූ ඔහු..

609

 

ඔහු අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන අති දක්ෂ රංගන ශිල්පියෙක්.

ඔහුගේ කලා හැකියාව මොන තරම්ද කියන එක අමුතුවෙන් වචනවලින් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ප්‍රියන්ත සෙනවිරත්න, ඔබ – අප කවුරුත් ආදරය කරන මේ නිහතමානී කලා ශිල්පියාගේ පවුලේ තවත් විශේෂ දවසක් ගැනයි මේ කතාව.

තාත්තා කෙනෙක්ට දරුවෙකුගේ ජීවිතයේ විශේෂ ජයග්‍රහණ මොන තරම් නම් වැදගත්ද.? ඔහුටත් අන්න ඒ නිසාම මේ දවස ගොඩක් විශේෂ වෙන්න ඇති.

තමන්ගේ එකම දියණිය මාණික්‍යා සෙනෙවිරත්න, පසුගිය දිනක ඇය සිය විශ්ව විද්‍යාල උපාධි සිහිනය සැබෑවක් කරගත්තා. ඒ BSc (Hons) in Interior Design ඇයගේ උපාධිය සම්පූර්ණ කරගනිමින්.. ඉතින් අද වෙනකොට තමන්ගේ දියණිය ඉන්න තැන ගැන ප්‍රියන්ත සෙනවිරත්න රංගන ශිල්පියාත් ඇගේ බිරිඳ වෙන කාංචනාත් පසුවෙන්නේ ගොඩක් සතුටින් කිව්වොත් ඒක නිවැරදි.

මාණික්‍යාට උපතින්ම කලා හැකියාව උරුම වුණත්, ඇය දැඩි නැඹුරුවක් දක්වා තිබුණේ අධ්‍යාපනික අරමුණු වෙනුවෙන්. පානදුර ලයිසියම් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබාගත් ඇය පාසල් කාලය තුළ ගායනයට ගොඩක් හපන්කම් දැක්වූ බවයි මාණික්‍යාගේ මව වන කාංචනා මහත්මිය අපට පැවසුවේ.

කොහොම වුණත් අද වෙනකොට ඇය NSBM හරිත සරසවියෙන් ඇගේ උපාධි සිහිනය සැබෑවක් කරගත් දියණියක්. ඒ ගැන ඇගේ මව්පියන් මෙන්න මේ වගේ සටහනක් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් වෙත එක් කරලා තිබුණා.

“OL ඉවර වුණු ගමන්ම, AL නොකර foundations එකක් කරවලා Degree එකක් කරවනවා කියලා අපි දෙන්නා තීරණය කරපු වෙලාවේ AL නොකිරීමේ වාසි අවාසි ගැන සමහරු උපදෙස් හැටියට එක එක දේවල් කිව්වා.. අද ඔයා දිහා බලලා එදා අපි ඒ ගත්ත තීරණය හරි කියලා අපිට දැන් හිතෙනවා.. ඔයාට අවුරුදු 20ක් වෙද්දි Degree එකයි Degree එකට අදාළව කරන Job එකයි දෙකම තියෙනවා.. ඉතිං අපිට ඔයා ගැන ආඩම්බරයි. අපි ඔක්කොම ඔයාට ගොඩක් ආදරෙයි.”

ඉතින් ඔවුන්ගේ හද පිරී ගිය සතුට සමග මව්පියන්ගෙන් ඇයට ලැබෙන ආශිර්වාදය මේ මොහොතේ ඇගේ ගමනට තවත් ශක්තියක් වේවි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!