BREAKING NEWS
Search

මධුරෝගේ ස්විට්සර්ලන්තයේ ඇති වත්කම් අත්හිටුවයි

273

වෙනිසියුලානු ජනපතති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇති බව දැනුම් දී තිබේ.

අමෙරිකානු හමුදාව විසින් ජනපතති නිකොලස් මධුරෝව පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගැනීමත් සමඟ ස්විට්සර්ලන්ත විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

වසර හතරක් සඳහා මෙම අත්හිටුවීම වලංගු වේ.

කෙසේ වෙතත් වෙනිසියුලානු රජයේ අනෙකුත් සාමාජිකයින්ට එය බලනොපාන බව දැනුම් දී තිබේ.

එමෙන්ම නීති විරෝධී ලෙස අත්පත් කරගත් බවට සානාත වුවහොත් එම වත්කම් වෙනිසියුලා ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා ආපසු ලබා දීමට උත්සාහ කරන බවත් ස්විට්සර්ලන්තය පවසා ඇත.

අත්හිටවූ වත්කම් සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන ලබා දී නොමැති අතර මදුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ ඇති වත්කම් මොනවාද යන්න පිළිබඳව අදහස් දැක්වීමක් හෝ ස්විට්සර්ලන්ත රජය විසින් මෙතෙක් සිදුකර නොමැති බව වැඩිදුරටත් සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!