BREAKING NEWS
Search

මහරගම අක්කා” අත්අඩංගුවට….

1301

 

ඊසිකෑෂ් ක්‍රමයට නුවරඑලිය, වැලිමඩ, බණ්ඩාරවෙළ සහ කැප්පෙටිපොළ යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය අලෙවි කල “මහරගම අක්කා” යන අනුවර්ථනාමයෙන් හදුන්වන අවුරුදු 50ක් වයසැති කාන්තාවක් නුවරඑලිය කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාවගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගත් පුද්ගලයන්ගෙන් ලබා ගත් දුරකථන විශ්ලේෂණ අනුව සැකකාර කාන්තාව හංවැල්ල ප්‍රදේශයේ සුපෝගභෝගි නිවසක රැදී සිටියදී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත (06) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අධිකරණ නියෝග මත සිදු කරන ලද විමර්ෂණයකදී ඇය පදිංචිව සිටි නිවසේ තිබී හෙරෝහින් ග්රෑම් 32ක් සහ ඇය විසින් මත්ද්‍රව්‍ය අලෙවි කර උපයා ගන්නා ලද බවට සැකකකෙරෙන රු.1,41000ක මුදලක්ද සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් තව දුරටත් නුවරඑලිය කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් තව දුරටත් ප්‍රශ්ණ කරමින් සිටියි.

රංජිත් රාජපක්ෂ

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!