BREAKING NEWS
Search

මහින්ද කුලියට ගෙයක් හොයයි… ආණ්ඩුවට නිල නිවස බාර දෙයි..

3791

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවතී සිටින විජේරාම නිල නිවසෙන් ඉවත් වීමට සූදානම් වෙමින් පවතින බව වාර්තා වෙයි.

ඒ විශ්‍රාමික ජනාධිපති වරප‍්‍රසාද ඉවත් කිරීමේ පනතක් ආණ්ඩු විසින් සම්මත කිරීමට කටයුතු කරමින් ඇති පසුබිමකයි.

නව පනත සම්මත වීමත් සමග සමඟ හිටපු ජනාධිපතිවරුන්ට විශ්‍රාම දිවිය ගත කිරීමට නිල නිවසක් හිමි නොවීම මත හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය මෙම පියවර ගනිමින් තිබේ.

ඒ අනුව ගැලපෙන කුලී නිවසක් මේ දිනවල සොයමින් සිටින බව දැන ගන්නට ඇත.

ඒ මහතා මැදමුලනේ පිහිටි සිය නිවසට යාමට වැඩි කැමැත්තක් දැක්වුවත් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීමේදී ඇතිවන අපහසුතාවයක් මෙන්ම සැලකිය යුතු දුරක් ගෙවමින් කොළඹට පැමිණීමේ අපහසුතාවය සලකා බලමින් මෙම පියවර ගනිමින් ඇත.

හිටපු ජනාධිපතිවරයාට නැවතීමට සුදුසු ගෙවල් රැසක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී ඇතත් ආරක්ෂක තත්ත්වයන් සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලමින් සිටින වාර්තා වෙයි.

ඒ මහතාගේ දරුවන්ගේ නිවාස ඇතත් ඒවායේ ආරක්‍ෂක පහසුකම් සම්බන්ධයෙන් ඇති ගැටළු මෙම තත්වයට බලපා ඇතැයිද පැවසෙයි.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *