BREAKING NEWS
Search

චන්ද්‍රිකා ගේ 80 වන ජන්ම දින උත්සවයෙන් මහින්ද මෛත්‍රී කපලා

1712

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 80 වන ජන්ම දිනය සැමරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ පදනම විසින් පසුගිය 23 වන බදාදා දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි.

 

මෙම අවස්ථාව සඳහා ඇමරිකානු, චීන, ඉන්දියානු සහ යුරෝපීය තානාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක කරු ජයසූරිය මෙන්ම එක්සත් ජාතික පක්ෂය,

සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකයින් ඇතුළු දේශපාලනඥයින් විශාල පිරිසක් සහභාගී වූහ. ඉන්දියාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී ශිවශන්කර් මෙනන් මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.

උත්සව සභාවකින් සහ හිටපු ජනාධිපතිනිය පිළිබඳ කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව, “කමත” නම් විශේෂ පරිශ්‍රයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වා ඇත.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු ඇතැම් දේශපාලන චරිත මෙම අවස්ථාවට සහභාගී නොවීම විශේෂ අවධානයට ලක්විය. ඒ පිළිබඳව විමසූ විට හිටපු ජනාධිපතිනිය, “මම මේ උත්සවයට ආරාධනා කළේ මා කැමති අයට පමණයි” යනුවෙන් කෙටි පිළිතුරක් ලබා දී තිබේ.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!