BREAKING NEWS
Search

මහින්ද කනගාටුවෙන්.. ‘ දේශපාලනය කරනවා නම් ඕක උරුමයි ‘

1670

 

 

දේශපාලන නායකයින්ව සුළු වැරදිවලට සිරගත කිරීම ගැන තමා කනගාටුවට පත්වෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

“දේශපාලනය කරනවා නම් ඕක උරුමයි…එතුමා ඒකට මුහුණදෙනවා” යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් මෙවැනි ක්‍රියාවන් පළිගැනීමක් මිස වෙන ක්‍රියාවක් නොවන බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ජනතාව තවමත් තමාට ආදරය කරන බව ද කියා සිටියේය.

“අපි මිනිස්සුන්ට ආදරේ කරනවා. ඒ නිසා මිනිස්සු අපිට ආදරේ කරනවා…”

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!