BREAKING NEWS
Search

මහින්ද ගිරුවායට ආපසු යයි.. නිල නිවස බාර දෙයි.. තංගල්ලේ පිලිගන්න උත්සවයක්…!

1678

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් වාසය කළ විජේරාම නිල නිවස රජයට භාර දීමට සූදානම් වන අතර, ඔහු අද පස්වරුවේ සිය ගම් ප්‍රදේශය වන තංගල්ල, මැදමුලන පිහිටි නිවස බලා පිටත්ව යයි.

මෙම නිල නිවසින් සමුගැනීමට පෙර, අද පෙරවරුවේ විදේශ තානාපතිවරුන් කිහිප දෙනෙකු ඒ මහතා හමුවීමට නියමිත බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා අද පස්වරු 4.00ට පමණ තංගල්ල ප්‍රදේශයට ළඟා වීමට නියමිත අතර, එහිදී ඔහු පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද සංවිධානය කර ඇත.

මෙම පියවර ගනු ලැබුවේ, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමඟය.

මේ අනුව, අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් ද ඔවුන්ගේ නිල නිවාස වලින් ඉවත් වීමට කටයුතු කර තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ වන විටත් සිය නිල නිවසෙන් ඉවත්ව ඇති අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද නිල නිවසෙන් ඉවත්ව තිබේ.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසි දිනෙක නිල නිවසක වාසය නොකළ අතර, ඔහු තම පෞද්ගලික නිවසේ සුපුරුදු පරිදි වාසය කරයි.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!