BREAKING NEWS
Search

මහින්දත්, සර්වඥ ධාතු වදියි

222

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ අද(10) සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තේ ය.

අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමි සමඟ සුහඳ කතාබහක ද නිරත විය.

“ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට මෙම උතුම් අවස්ථාව උදා කර දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි. මෙම සුවිශේෂී කටයුත්ත සම්බන්ධීකරණය කළ ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ මහතා ඇතුළු අප දෙරටෙහි සියලු රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිස ද ස්තුති පූර්වකව සිහිපත් කරමි.

ධාතු ප්‍රදර්ශනය සංවිධානය කරමින් ගෞරවනීය ලෙස සැදැහැවතුන්ට දැකබලා, වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දුන් ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේට සහ මහා සංඝරත්නයට මාගේ නමස්කාර පූර්වක ගෞරවනීය ස්තූතිය පිරිනමමි.

මෙම පිං කටයුත්ත සඳහා නන්අයුරින් දායක වූ විහාරස්ථ දායක සභාව ඇතුළු සැම සිහිපත් කරමි” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Lankadeepa (අංජුල මහික වීරරත්න)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!