BREAKING NEWS
Search

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ ඇප අයැදුම්පත් ප්‍රතික්ශේප වේ.

764

වසර 25 ක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (7) ප්‍රතික්ශේප කළේය.

මෙම නියෝගය ප්‍රියනාත් ලියනගේ, විරාජ් වීරසූරිය, පී එම් ටී බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිකුත් කෙරින.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ 14,000ක් සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මහින්දාන්නද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු පසුගිය මැයි 29 වැනිදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වරදකරුවන් කෙරිණ.

එම දණ්ඩන නියෝගයට එරෙහිව විත්තිකාර හිටපු අමාත්‍යවරුන් සිය නිතීඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සම් ගොනු කළේය.

එම අභියාචන පෙත්සම්වලට යටත්ව තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා විත්තිකාර අමාත්‍යවරුවන් මෙම ඇප ඇයැදුම් පත්‍ර ගොනු කර තිබිණ.

කරුණු සලකා බැලූ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල චූදිතයින් හට ඇප ලබා දීමට ප්‍රමාණවත් තරම් කරුණු දැක්වීමක් ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කරමින් ඇප අයැදුම් පත්‍ර ප්‍රතික්ශේප කළේය.

source by The leader.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!