BREAKING NEWS
Search

2015 දී මහින්ද පැරදුන එක තමයි මේ රටට වැදුන හෙනේ – ජොන්ස්ටන්

2849

නඩු දැමීම අලුත් දෙයක් නොවන බවත්, 2015 – 2019 කාලය අතරතුර එය හොඳින් අත්වින්ද බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව, හිරගෙවල් පුරවා සදාකල් බලයේ සිටීමට සිතනවා නම්, ජනතා බලය යනු මුළු ලෝකයේම ශක්තිමත්ම බලය බව මතක් කර සිටින බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රටට දැවැන්ත සේවාවක් සිදුකරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද 2015 වසරේදී පරාජයට පත්වූ බවත්, ඔහු සිටියා නම් රට මේ ආකාරයෙන් වැටීමක් සිදු නොවන බවත්, 2015 වසරේදී මහින්ද රාජපක්ෂගේ පරාජය මේ රටට වැදුණු ‘හෙනයක්’ බවද ඔහු ප්‍රකාශ කළා.

වත්මන් ආණ්ඩුව තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවත්, බලය වෙනුවෙන් නීතිය නවා ඕනෑම තීන්දුවක් ගැනීමට ඔවුන් සූදානම් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *