BREAKING NEWS
Search

මහින්ද සිටි නිල නිවස රජයේ කන්තෝරුවකට…

830

හිටපු ජනාධිපතිවරුන්ගෙන් නැවත පවරාගත් නිල නිවාස රජයේ කාර්යාල හෝ ආදායම් උත්පාදන කටයුතු සඳහා යොදා ගැනීමට රජය තීරණය කර ඇත.

මෙම ගොඩනැගිලි ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් අයුරින් යොදා ගන්නා ආකාරය පිළිබඳව අවසන් තීරණය මුදල් අමාත්‍යාංශය මඟින් ගැනීමට නියමිතයි.

රජයේ මුදලින් නඩත්තු වන මෙම දේපොළ, මහජනතාවට සෘජු ප්‍රතිලාභ ලැබෙන ආයෝජන සඳහා යෙදවීම රජයේ ප්‍රධාන අරමුණක් බවද මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

මෙතෙක් එක් පවුලකට පමණක් සීමා වී තිබූ මෙම වටිනා නිවාස, සමස්ත ජනතාවගේ යහපතට හේතුවන කටයුතු සඳහා යොදා ගැනීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!