BREAKING NEWS
Search

මාකඳුරේ මධුෂ්ගේ මරණය සැකයි කියා මුල් බිරිය ගයානි මුතුමාලී පොලිස් මූලස්ථානයට

1214

2019 වසරේ අත්අඩංගුවයට පත්වීමෙන් මාස කිහිපයකට පසු පොලිස් ආරක්සාව යටතේ සිටියදී ඝාතනය වූ ප්‍රකට පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ නීත්‍යානුකූල මුල් බිරිය ගයානි මුතුමාලි අද (10) පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිල්ලක් ගොනු කරේ තම ස්වාමියාගේ ඝාතනය සැක බවට කරුණු කියමිනි. ඒ ගැන විධිමත් පරීක්ෂණයක්ද ඇය ඉල්ලා තිබේ. එහිදී මාධ්‍ය කැමරා අමතා ඇය මෙසේ කීවාය.

“මම ඩබ්ලිව්.ජී. ගයානි මුතුමාලි. මම මදූෂ් ලක්ෂිතගේ නීත්‍යානුකූල බිරිඳ. අවුරුදු එකහමාරක් වගේ කාලයක් පොලිස් අත්අඩංගුවේ ඉඳලා මේ විදිහට මිය ගියපු එක ගැන තමයි තියෙන සැකය තියෙන්නේ. අධිකරණයකින් නඩුවක් දීලා එල්ලලා මැරුවත් ගැටලුවක් නැහැ. මේ වගේ සතෙක් වගේ පාරේ මරලා දාන්න තරම් වුණු සිද්ධිය ගැන… අනික් එක, අනික් පාර්ශවයෙන් කියන පිරිසගේ බයික් එක අහුවුණා. ඒ ගැන මත් අපිට කිසිම තොරතුරක් හම්බුනේ නැහැ. සැකකාරයෙක් ගැන මුකුත්ම තොරතුරක් හම්බුනේ නැහැ.

අවුරුදු පහක් වෙනවා දැනට මේ සිද්ධිය වෙලා. අපි සාධාරණයක් බලාපොරොත්තුවෙන් තමයි මේ ඉල්ලීම කරේ. අද පොලිස්පතිතුමාට ලිපියක් ඉදිරිපත් කළා. එතකොට මමත් එක්ක සම්බන්ධකමක් තිබුණේ නැහැ. එතකොට අපි දෙන්නා නීත්‍යානුකූලව විවාහ වෙලා හිටියේ නැහැ. අපි වෙන වෙනම හිටියේ.

ආරක්ෂක අංශ කරපු ඒ කතිකාව ගැන තොරතුරු හම්බවෙනවයි කියලා තිබුණා. ඒ නිසා සාක්ෂි තියෙනවයි කියලා කතාව. සමාජේ කතාවත් එක්ක මටත් ඒ ගැන සැකයක් තියෙනවා. මදූෂ්ට විශාල විදේශ ගිණුම් සංඛ්‍යාවක් තිබුණයි කිව්වා. ඩොලර් කෝටි ගණනක් තිබුණයි කිව්වා. විදේශ වත්කම් තිබුණයි කිව්වා. ඒ වගේම ලංකාවේ වත්කම් තිබුණයි කිව්වා. ඒවා ගැන ඔබ දන්නවාද? මම ඒ ගැන, වත්කම් ගැන නම් කිසිම දෙයක් කියන්න දන්නේ නැහැ ඇත්තටම.

මේ ඝාතනයෙන් පස්සේ සාධාරණයක් ඇති කියලා ඔබතුමා හිතනවද? ඇත්තටම මම හිතනවා, අපිට සාධාරණයක් දෙන්න කියලා. මේ විදිහට වෙච්ච මරණය ගැන නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අපිට ඒ කාලේ ඇත්තටම මේ වගේ දේකට එළියට ඇවිල්ලා කතා කරන්න මම කොහොමත් කැමති වුණේ නැහැ. මම වත්මන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව අපිට ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරලා සාධාරණයක් ඉෂ්ට කරලා දේවි කියලා. ඒ විශ්වාසයත් එක්ක තමයි අද මේ වගේ දේවල් වලට මම ඉදිරිපත් වෙලා ඉන්නේ. ආණ්ඩුව ගැන විශ්වාසයක් තියෙනවා.”

Source – Gossip Lanka News

 

 

 

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!