BREAKING NEWS
Search

ලංගම බසයේ එන්ජිමට යූරියා පොහොර දාලා… – පුද්ගලයා මාට්ටු !

18069

නුවරඑලිය ඩිපෝවට අයත් ගාල් කර තිබූ ලංගම බස් රථයේ එන්ජිමට යූරියා පොහොර දැමූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නුවරඑලිය හයිෆොරස්ට් පොලිසිය මගින් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

නුවරඑලියේ සිට හයිෆොරස්ට් දක්වා දිනපතා ධවනය වන එන්.බී. 8933 දරණ බස් රථය හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල් කර තිබියදී (12) වනි දින රාත්‍රියේ කිසියම් පුද්ගලයෙක් විසින් බස් රථයට අතුලු වී බස් රථයේ එන්ජීමේ මූඩිය ගලවා බස් රථයේ එන්ජිම තුලට යූරියා පොහොර බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍යක් දමා ඇති බවට එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් හයිෆොරස්ටි පොලිසියට පැමිණිලි කර ඇත.

රාත්‍රි කාලයේ බස් රථය ගාල් කර උදෑසන බස් රථය ධවනය කිරිමට ප්‍රථම එන්ජිමේ තෙල් පරික්ෂා කිරිම සදහා එන්ජිමේ ආවරණය විවෘත කර බැලීමේදි බස් රථයේ එන්ජිමේ මූඩිය ගලවා තිබූ බවත්, ඒ අසළ සුදු පාට යූරියා පොහොරවලට සමාන රසායනික ද්‍රව්‍යක් එන්ජිම වටා වැටී තිබූ බව එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා කරන ලද පැමිණිල්ලේ සදහන් කර ඇත.

අප මේ සම්බන්ධයෙන් නුවරඑපිය ඩිපෝවේ ඩිපෝ කළමණාකරවරයාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ බස් රථයට කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් එක්ව එන්ජිම තුලට යූරියා පොහොර දමා ඇති බවත්, ඒ අනුව බස් රථය පණ නොගන්වා ඇදගෙන නුවරඑලිය ඩිපෝව වෙත රැගෙන විත් එන්ජිම ගලවා පරික්ෂා කිරිමට පියවර ගනිමින් සිටින බවයි.

– රංජිත් රාජපක්ෂ

Source – lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!