ශ්‍රී ලංකා – පාකිස්ථාන් තරඟාවලිය අතහැරදමාවි යයි බොහෝ අය සිතුවාය. ක්‍රීඩකයන්ට ආරක්ෂාව පිලිබඳ බියක් ඇතිවීම සාධාරණය. එම බිය ඉවත්කොට ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීම ශ්‍රී ලංකා රජයේත් පාකිස්තාන් රජයේත් වගකීමයි. ඒ වෙනුවෙන් ඊයේ දවස පුරා අප වෙහෙසුන අතර අවසානයේ එම ආරක්ෂාව ලබාදෙනබවට පාකිස්තානය සහතිකවිය. ඒ වෙනුවෙන් මැදිහත්වු පාකිස්තානු අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍ය පාකිස්තානු ක්‍රිකට් මන්ඩලයේ සභාපති මොෂීන් නක්වි මහතාට සහ පාකිස්තාන් රජයට අප ස්තුතිය පුද කරමු. රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කල සියලුම ක්‍රීඩකයන්ට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ද අප ස්තුතිවන්තවෙමු.








