BREAKING NEWS
Search

මාතර බන්ධනාගාර රැඳවූවන්ද අවතැන්වූවන් වෙනුවෙන් පිහිට වෙයි !

111

 

ගංව­තු­රින් පීඩා­වට පත් ජන­තාව වෙනු­වෙන් බෙදා දීමට මාතර බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින පිරිමි හා කාන්තා රැඳ­වූ­වන් 473කගේ පෙරේදා (03) දිවා ආහා­රය සඳහා යොදා‌ ­ගන්නා වියළි ආහාර ද්‍රව්‍ය පරි­ත්‍යාග කිරීම ඊයේ (04) සිදු කෙරිණි. එම වියළි ආහාර ද්‍රව්‍ය මාතර බන්ධ­නා­ගා­රයේ බන්ධ­නා­ගාර අධි­කාරී ඒ.එම්. ප්‍රදීප් වසන්ත කුමාර මහතා සහ ප්‍රධාන ජේලර් පී.ජී.එස්. රූප­සිංහ මහතා ඇතුළු බන්ධ­නා­ගාර නිල­ධා­රීන් විසින් මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිල­ක­රත්න මහතා වෙත භාර­දීම ඊයේ (04) පෙර­ව­රුවේ මාතර බන්ධ­නා­ගාර පරි­ශ්‍ර­යේදී සිදු කෙරිණි.

මීට අම­ත­රව මාතර බන්ධ­නා­ගා­රයේ සේවය කරන නිල­ධා­රින් හා නිල­ධා­රි­නි­යන් විසින් පරි­ත්‍යාග කරන ලද ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ රැසක්ද මේ සම­ඟම දිස්ත්‍රික් ලේකම් වෙත භාර දීමද සිදු විය. මාතර බන්ධ­නා­ගා­රයේ පිරිමි සහ කාන්තා අංශ­වල රැඳ­වි­යන් විසින් කරන ලද ඉල්ලී­ම­කට අනුව, ඔවුන්ගේ දිවා ආහා­රය විප­තට පත් ජන­තා­වට මෙලෙස පරි­ත්‍යාග කිරී­මට බන්ධ­නා­ගාර අධි­කා­රිය කට­යුතු යොදා තිබිණි. මෙහිදී රතු කැකුලු සහල් කිලෝ 287ක්, හාල්මැ­ස්සන් කිලෝ 30ක්, මයි­සුර් පරිප්පු කිලෝ 210ක්, සීනි කිලෝ 102ක්, පොල් ගෙඩි 150ක්, බිස්කට්, කාන්තා ඇඳුම්, ළමා ඇඳුම්, පාව­හන්, සනී­පා­ර­ක්ෂක ද්‍රව්‍ය, වතුර බෝතල්, සබන්, පාසල් උප­ක­රණ, ඇඳුම් ආදිය පරි­ත්‍යාග කිරීම සිදු­විය.

මාතර ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ සහ­කාර අධ්‍යක්ෂ කර්නල් කැළුම් කුඩා­ග­මගේ මහතා ඇතුළු බන්ධ­නා­ගාර නිල­ධා­රීන් පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

බුද්ධිකා ඉඹු­ලාන

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *