BREAKING NEWS
Search

වසර 100කට පසු හමුවූ බෝතල් පණිවිඩය…

3131

 

බෝතලයක බහා මුහුදට දමන ලද ලිපි කිහිපයක්, සියවසකට වඩා වැඩි කාලයකට පසු ඕස්ට්‍රේලියානු වෙරළෙන් සොයාගෙන තිබෙනවා.

පළමු ලෝක යුද්ධය වෙනුවෙන් ප්‍රංශයේ යුධ පිටි බලා යන ගමන ආරම්භ කර දින කිහිපයකට පසු ඕස්ට්‍රේලියානු සෙබළුන් දෙදෙනෙකු විසින් අදාළ ලිපි ලියා ඇති බව සදහන්.

වීදුරු බෝතලය තුළ තිබී ඇත්තේ, 1916 අගෝස්තු 15 දිනැතිව, පුද්ගලික සෙබළුන් වන මැලකොම් නෙවිල් (27) සහ විලියම් හාර්ලි (37) යන අය විසින් පැන්සලෙන් ලියන ලද ලිපියකි.

ඔවුන් සිය ලිපි ලියා ඇත්තේ HMAT A70 බැලරට් නෞකාවේ ගමන් කරමින් සිටියදී ය.

නෙවිල් තම ලිපිය ලියා ඇත්තේ දකුණු ඕස්ට්‍රේලියාවේ විල්කාවැට්හි සිටින මව වන රොබර්ටිනා නෙවිල් වෙතට ය.

හාර්ලි සිය සටහන අවසන් කර ඇත්තේ “මෙය සොයාගන්නා තැනැත්තාට අප දැන් සිටින තරමටම යහපතක් වේවා” යනුවෙනි.

මේ වන විට සොල්දාදුවන් දෙදෙනාගේ මුණුබුරු මිනිබිරියන් හා පවුල් සාමාජිකයන් සොයා ගැනීමට හැකි වී තිබේ.

ලිපි ඔවුන් වෙත භාර දීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *