BREAKING NEWS
Search

තුන් ඉරියව්වෙන්ම වැඩ පෙන්නන මිලාන් රත්නායකගෙන් නොනවත්වා දස්කම්…

903

බෝලර් කෙනෙක් විදිහට ටීම් එකට ඇවිත් එංගලන්තය වගේ SENA රටක Debut වෙලා තමන්ගේ First Inning එකේම ප්‍රෙෂර් එක මැද්දේ ලකුණු 72ක් ගහපු කොල්ලෙක්…

එතැනින් නැවතුනේ නැ…
පහුගිය කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ලොකුම දියුණුවක් දැක්කා නම් මං දැක්ක එක ප්ලෙයර් කෙනෙක් තමයි මිලාන්…

ටෙස්ට් රාමුවට කොටු නොවී එයා ශ්‍රී ලංකා ඒ කන්ඩායමත් එක්ක UAE ගිහින් Tri Series එකේදී නොදැවී ලකුණු 77ක් ගහලා කඩුලුත් ගන්න ගමන් කොල්ලා එක්දින තරග වලටත් දක්ෂයෙක් කියලා පෙන්නුවා…

ඒත් මිලාන් නෙමෙයි නැවතුනේ… පසුගියදා නිමා වුනු නැගීඑන ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ප්‍රවේගකාරි පිතිහරඹයක් දියත් කරලා බලාපොරොත්තු තියා ගන්න පුළුවන් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කියලා පෙන්නනවා.

ඒ විශ්වාසය ඔහු දැන් තවත් වැඩි කරනවා. අද නිමා වූ අන්තර් සමාජ පලමුපෙල පිටියේ Ace Capital කන්ඩායමට එරෙහිව පලමු ඉනිමේ කඩුලු 6ක් දෙවෙනි ඉනිමේ කඩුලු 4ක් සමගින් සමස්ත තරගයේම කඩුලු 10ක් බිඳ දමනවා විතරක් නෙමෙයි පිතිකරුවෙක් ලෙසත් ඇවිත් නොදැවී ලකුණු 64ක් රැස් කරනවා

ලංකාවේ දේශීය පලමුපෙල තරගයක වේග පන්දු යවන්නෙක් කඩුලු 10ක් දවාගන්නවා කියලා කියන්නේ ඒක මොන තරම් ලොකු Achievement එකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැ…

Bowler කෙනෙක් විදිහට ඇවිත් Bowling Allrounder කෙනෙක් වෙලා අද වෙද්දී All Format ගහන්න පුළුවන් Genuine Allrounder කෙනෙක්ගේ ලක්ෂණ ඔහු පෙන්නනවා.

සුබම වෙන්න ඕනි මිලාන්..💐

✍ | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!