BREAKING NEWS
Search

පුත්‍රයා සම්බන්ධ ම.ඩ ගහන අය සොයන්න ඇමති සමන්ත විද්‍යාරත්න CID යට..!

1705

 

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමන්ත විද්‍යාරත්න මහතා, සිය පාසල් වියේ පසුවන දරුවා ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වේ. මෙම ද්වේශ සහගත ක්‍රියාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඒ මහතා අවධාරණය කර සිටී.

 

දේශපාලනික අරමුණු පෙරදැරිව සංවිධානාත්මකව මෙම සාහසික මඩ ප්‍රචාරය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, අදාළ පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කිරීමට නියමිත බවයි.

මෙමඟින්, තමන්ගේ දේශපාලන කටයුතු ඉලක්ක කරගනිමින් සිය දරුවා වෙත අපහාසාත්මක ප්‍රචාර ගෙන ඒමේ ක්‍රියාවලියට විරුද්ධව දැඩිව පියවර ගන්නා බවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් ඉඟි කර තිබේ.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!