BREAKING NEWS
Search

මෝදි හොඳ මිනිහෙක්. මම අසතුටින් – ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට තරවටු කරයි

542

 

රුසියානු තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට අනතුරු අඟවා තිබේ.

දෙරට අතර වෙළෙඳ සාකච්ඡා අවිනිශ්චිතව පවතින වාතාවරණයක දී ඊයේ (04) ඔහු මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රුසියානු තෙල් මිලදී ගැනීම් සීමා කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සිදුකළ ඉල්ලීම් ඉන්දියාව ඉටු නොකළහොත් නැවතත් ඉන්දියාවට එරෙහිව තීරුබදු ඉහළ නන්වන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

“මෝදි හොඳ මිනිහෙක්. මම අසතුටින් බව ඔහු දැන සිටියා ” යනුවෙන් ජනපති ට්‍රම්ප් එයාර් ෆෝස් වන් යානයේදී වාර්තාකරුවන්ට පවසා ඇති බව සඳහන් වේ.

එහිදී ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම් පිළිබඳව ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් ජනපතිවරයා පවසා ඇත්තේ ඉතා ඉක්මනින් ඉන්දියාවට එරෙහිව තීරුබදු ඉහළ නැංවිය හැකි බවය.

කෙසේ නමුත් ඉන්දියාවේ වාණිජ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වා නොමැති බව සඳහන් වේ.

මාස ගණනාවක් පුරා පැවති වෙළෙඳ සාකච්ඡා වලින් පසුව, රුසියානු තෙල් අධික ලෙස මිලදී ගැනීම සඳහා දඬුවමක් ලෙස ඉන්දීය භාණ්ඩ සඳහා ආනයන තීරුබදු 50% දක්වා දෙගුණ කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය වසරේ කටයුතු කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!