BREAKING NEWS
Search

වඳුරු කතාව නොපිළිගනී: රටම එකවර අඳුරුවූවාට කොමිසම කළ විභාගයේදී සාක්ෂි 20ක් ලබාගනී

1657

රට පුරා එකවර විදුලිය විසන්ධි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙරේදා (5) පැවැත්වූ ප්‍රසිද්ධ විභාගයේදී සාක්ෂිකරුවන් විසිදෙනකුගෙන් පමණ සාක්ෂි ලබාගත් බව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

 

ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම සහ විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ සංගම්,

බහුජන සංවිධාන හා උනන්දුවක් දක්වන පුද්ගලයන් එම සාක්ෂි විභාගයේදී සාක්ෂි දීම සඳහා පැමිණ සිටි බව ද එම කොමිෂන් සභාව කියයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පනතින් දී ඇති බලතල අනුව එවැනි ප්‍රසිද්ධ විභාගයක් පැවැත්වීමේ හැකියාව ඇති බව ද එම කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව, පෙරේදා උදෑසන 8.30 සිට සවස 6.30 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එම ප්‍රසිද්ධ විභාගය පැවැත්වූ බව ද එම කොමිෂන් සභාව කියයි. ඉකුත් පෙබරවාරි මස 9 වැනි දින රට පුරා එකවර විදුලිය විසන්ධි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් නිකුත් කර තිබිණි. පානදුර ග්‍රිඩ් උප පොළේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් සහ රට පුරා පවතින සෝලා පද්ධතියේ බලපෑම ආදි කරුණු හේතුවෙන් එම එකවර විදුලිය විසන්ධි වීම සිදු වූ බවට ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ වාර්තාවේ සඳහන් කරුණු පිළිගත නොහැකි නිසා,

නැවත වාර්තාවක් සකස් කිරීමට එවැනි ප්‍රසිද්ධ විභාගයක් පැවැත්වීමට සිදු වූ බව ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය. එම විභාගයේදී සාක්ෂි සමාලෝචනය කර, නිර්දේශ ඇතුළත් වාර්තාවක් මාස දෙකක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව ද ඔහු කීය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!