BREAKING NEWS
Search

මැති ඇමතිලා වැරදි කරලා නිලධාරින් පිට දානවා – සංජීව

90

 

 

 

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වැරදි කළ විට එය නිවැරදි කර ගැනීම සඳහා එම වැරැද්ද රාජ්‍ය නිලධාරීන් පිට පටවමින් ඔවුන් පවාදීමේ ක්‍රියාවලියක් වත්මන් ආණ්ඩුව විසින් ආරම්භ කර තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදි ඔහු පැවසුවේ හිටපු කතානායකවරයා විසින් සිදු කල රිය අනතුරේ වරද මේවන විට පොලිස් නිලධාරින් පිටපටවා තිබෙන බවත් එයම ආපදා සිදුවු අවස්ථාවේදි පෙර සුදානම් නොවිමේ වඟකිම කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත පැටවිමට වත්මන් ආණ්ඩුව කටයුතු කල බවයි.

එහිදී සංජීව එදිරිමාන්න මහතා පවසා සිටියේ,

මාලිමා ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවේ දේශපාලකයෙක් වරදක් කළාම ඒ වැරැද්දෙන් තමන්ගේ දේශපාලන හිතවතුන් බේරාගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරින් පවාදීමේ තියරියක් අනුගමනය කරමින් ඉන්න බව පේනවාද? උදාහරණයක් ලෙස ආශෝක රන්වල හිටපු කථානායකතුමා අතින් සිදුවුණු රිය අනතුරට අදාළව අද වැරදිකරුවන් වෙමින් තිබෙන්නේ පොලිස් නිලධාරීන්. මෙය කොයිතරම් දුරට යුක්තිසහගත ද? ඇයි ආණ්ඩුව මේ වගේ විකාර තෝරා ගැනීමක් කරන්නේ. ආණ්ඩුව විසින් සිදුකළ මේක ඉතාම නරක, වැරදි අසාධාරණ තෝරාගැනීමක්.

මේ තියරිය අනුගමනය කළේ අශෝක රන්වල සම්බන්ධයෙන් විතරක් නොවේ. කන්ටේනර් මගඩිය සිදුවෙන අවස්ථාවේත් ඒ හොරකමේ වගකීම රේගු නිලධාරීන් මත පැටෙව්වා මේ ආණ්ඩුව. ඒ වගේම පසුගිය ඛේදනීය ආපදා තත්ත්වය සම්බන්ධ ප්‍රශ්නයේදීත් ඒ ආපදාවට පෙර සූදානම් නොවීමේ වගකීම මේ පාලකයන් විසින් කාලගුණ විද්‍යා නිලධාරීන් මත ඉතාම නරක විදිහට පටවන්න උත්සහා කළා. තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නැති උපාධි නම මුලට ආචාර්ය පට්ටම දාගත්ත ප්‍රශ්නය මතුවෙච්ච අවස්ථාවේ මේ ආණ්ඩුව එහි වගකීම පාර්ලිමේන්තු නිලධාරීන් මත පටවන්න උත්සහ කළා. ඒ වගේම හොර බාල බෙහෙත් ගෙන්වලා ඒ බෙහෙත් පාවිච්චි කිරීම නිසා මරණ සිදුවන ප්‍රශ්නය මතුවෙන අවස්ථාවේ දැන් ආණ්ඩුව උත්සහ කරමින් සිටිනවා දේශපාලකයෝ මෙයට සම්බන්ධ නැහැ, මෙහි වරදත් නිලධාරීන් මතයි තිබෙන්නේ කියන එක ඒත්තු ගන්වන්න. මේවා කැකිල්ලේ තියරි.

හිරුණි විජේසිංහ

Source – News19




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!