BREAKING NEWS
Search

මගේ ජීවිතයෙන් සමුගත් මගේ මල්ලිගේ දරුවට අනාගතයේදී මාගේ සියල්ල අයිති විය යුතුයි. මගේ මල්ලී වෙනුවෙන් මට කල හැකි උපරිමය එයයි…” – ජනප්‍රිය නිළි පියුමි ශ්‍රි නායක

2086

නිතර නිතර නිර්මාණවලින් දකින්න නොලැබුණත්, පියුමි ශ්‍රි නායක කියන්නෙ රසික සමූහයා අතර නිතර කතාබහට ලක්වන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මේ වෙද්දි ඇය සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් ද වනවා.

සමාජ මාධ්‍යයේත් නිතර සක්‍රීය චරිතයක් වන පියුමි ශ්‍රි නායක, විවාහය සහ දරුවන් ගැන සටහනක් සිය ෆේස්බුක් පිටුවට එකතු කර තිබුණා.

ඒ, තමන්ට ආදරය කරන බොහෝ පිරිසක් විමසන ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට….

”ගොඩක් කට්ටිය මගෙන් අහන දෙයක් තමයි කසාද බැදලා දරැවෝ හදන්නේ නැද්ද කියන කාරනාව….
දරැවෙක් කියන්නෙම බැදීමක ආරම්බයක් .. මම ඇති කරන සතෙක්ට කරදරයක් වුනත් දරා ගන්න ශක්තියක් නැති මට ඒ වගේ මහා ලොකු බැදීමක් මට දරා ගන්න අමාරැයි .
අනිත් කාරනාව නම් මගේ ජීවිතයෙන් සමුගත් මගේ මල්ලිගේ දරැවාට අනාගතයේදී මාගේ සියල්ල අයිති විය යුතුයි.
මගේ මල්ලී වෙනුවෙන් මට කල හැකි උපරිමය එයයි.
ඉතින් තමන්ට කියලා දරැවෙක් කුසෙන් නොවැදුවාට මේ ලෝකෙම ඉන්න දරැවෝ හැමෝම මගේ.
ඒ දරැවන් වෙනුවන් මම අනාගතයේදී යම් කිසි දෙයක් කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා…”

Source _ – Channel E




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!