BREAKING NEWS
Search

රනිල්-සජිත් එක් කරන්න නාමල් කපුකමක..!

2184

ඉතිහාසයේ හැම ආණ්ඩුවක්ම වැටිලා තිබෙන්නේ අභ්‍යන්තර ගැටුම් නිසා, මාධ්‍ය හමුවේදී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘අපි එදා ඉදන් කියන්නේ රනිල් මහත්තයයි සමගි ජන බලවේගයයි එකතුවෙන්න ඕන කියල,මොකද අපි කට්ටිය බෙදලා දේශපාලනය කරන අය නෙමෙයි අපි හැමදාම විශ්වාස කරන්නේ මේ රටේ දේශපාලන පක්ෂ වෛරයෙන් තොර දේශපාලනයක් කරන්න ඕන කියල,මං හිතනවා එක්සත් ජාතික පක්ෂයටයි සමග ජන බලවේගයට එකතුවෙන්න පුළුවන් නම් ඒක හරි ෂෝක්.

ඊළඟ ජනාධිපතිවරණයට ගොඩක් කල් තිබෙනවා ඊට කලින් මෙම ආණ්ඩුවත් එක්ක විසඳගන්න ප්‍රශ්න ගොඩක් තිබෙනවා අද වෙනකොට ලුහුණු ගොවියෝ අසරණ වෙලා අද පිටරටින් පොඩි බද්දක් ගහලා ලූන ගෙන්නනවා,ඉතින් මෙහි ගොවියෝ අසරණ වෙලා,අලගොවියා අසරණ වෙලා ,ඌව වෙල්ලස්සට යද්දි උක් ගොවියා අසරණ වෙලා ඉන්නවා, අනිත් පැත්තෙන් වී ගොවියා අසරණ වෙලා පොරොන්දු වෙච්චි මිලට වී ටික කියාගන්න බැරුව ඉන්නවා,

රණවිරු දඩයම යනවා,නාවික හමුදාපතිවරයා හිරේ දාලා එල්.ටී.ටී. ත්‍රස්තවාදයට සාක්ෂිකාරය කරලා,ඒ නිසා ජනාධිපතිවරණයක් මහ මැතිවරණයක් ගැන සාකච්ඡා කරන්න කලින් රටේ ජනතාවගේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා මේ ආණ්ඩුවත් එක්ක විසඳගන්න ඒ නිසා අපි මේ සටන ඉන්නවා.ඒ සටනට මේ සියලු දෙනාම එකතු වෙන්න ඕන කියලා මම හිතනවා.

ආණ්ඩුවේ තේමා පාඨය කෙසේ වෙතත් බැලූ බැල්මට ආණ්ඩුව වැඩක් කරන්නේ නෑ කියලා පේනවා කෘෂිකර්ම අමාත්‍යවරයා පත් කරලා තිබෙන්නේ පිටින් හාල් ගේන්න පිටින් කෑම ගේන්න පිටින් එළවළු පලතුරු ගේන්න ඒ නිසානෙ කෘෂිකර්ම අමාත්‍යවරයා කියන්නේ පිටරටින් ගෙනල්ල කන්න දෙන එක ලාබයි ලංකාවේ වගා කරනවට වඩා කියලා,ඉතිං ඒක තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.

අපි කියන්නේ මේ රටේ ව්‍යවස්ථාපිතව බෞද්ධ ආගමට නිසි තැනක් දීලා තිබ්බා,ඒක ආරක්ෂා වෙන්න ඕන මං හිතන්නේ කිසිම රටක මේ නොවිය යුතු කාරණයක් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඩයස්පෝරාවට ඕන විදිහට එල්.ටී.ටී. ත්‍රස්තවාදය ඩයස්පෝරාවට ඕන විදිහට කටයුතු කිරීමයි,ඒ නිසා ඔවුන් පැහැදිලිවම ඒ ගමන යනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!