BREAKING NEWS
Search

විවාහයෙන් මාස දෙකකට පසුව නාමල් ඉනෝකාව තනිකොට ජීවිතය හැර ගිහින් .!

27541

ඊයේ රාවණා ඇල්ල ප්‍රදේශයේදී සිදුවූ මාරක බස් අනතුරින් මෑතකදී විවාහ වූ නාමල් රුවන්තද මිය ගොස් තිබුණා.

තංගල්ල නගර සභවේ රියැදුරු මහතෙකු ලෙස සේවය කළ ඔහු විවාහ වී සිටියේ තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කළ ඉනෝකා නාගිරි සමගි. ගර්භණී භවයට පත් වී සිටි ඇය තරමක අසනීප තත්ත්වයෙන් පත්වූ නිසා මේ විනෝද චාරකාවට සහභාගී වුණේ නැහැ.

“අනේ මේ මොකක්ද වුණේ..මට මේ මුකුත් තේරෙන්නේ නැහැ. මගේ මහත්තයා කාටවත් කරදරයක් නැති රත්තරං මනුස්සයෙක්.. එයා මට හරිම ආදරෙයි..කවදාවත් මගේ හිත රිදෙන්න කිසිම දෙයක් කරල නැහැ..වචනයක්වත් කියල නැහැ…ඔෆිස් එකේ හැමෝම ගිය නිසා තමයි එයා මේ ගමන ගියේ..ඒ් ගිහිනුත් මට වරින් වර කතා කළා..අන්තිමට කතා කළේ රාවණා ඇල්ල ළග ඉන්නවා කියලයි.. ඇයි දෙයියනේ අපිට මෙහෙම වුණේ..?? ඇය එසේ අසමින් කෑ ගසා ඇඩුවා.

ඉනෝකා හිතුවේ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා තවත් පැය දෙකකින් ගෙදර ඒවී කියලා. ඒ් අවසන් වරට කතා කරද්දි ඔහු ඉන්නවා යැයි කියූ තැනත් එක්ක ඇය වෙිලාව ගලපලා බැලූ නිසා.

” මම රෑ 10.00 පහු වුණාට පස්සේ කෝල් ගත්තා. ඒ්ත් ෆෝන් වැඩ කළේ නැහැ. ඊට පස්සේ මම තවත් දන්න අයට ගත්තා. ඒ්ත් කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්න බැරි වුණා. ඔය වෙලාවේ තමයි මේ අනතුර ගැන මම නිව්ස් එකක් දැක්කේ. මගේ රත්තරං මහත්තය මට නැති වුණා.. එයා කිසිම වරදක් නැති මනුස්සයෙක්..ඇයි එයාට මෙහෙම වුණේ..???
මිය ගිය නාමල් විවාහ වුණේ පසුගිය ජූලි මාසේ 02 වැනිදා. ඒ්ත් ඒ් සතුට ඊයේ දිනයෙන් අවසන් වුණා. දෛවය ඒ් තරම්ම ඔවුන්ට කුරිරු වුණා. ඒ් දුක ඉනෝකා කදුළු සලමින් අපි එක්ක කෑ ගසා කිව්වා.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!