BREAKING NEWS
Search

නාමල්ට ඉන්දියවේදී උණුසුම් පිළිගැනීමක්

258

 

ඉන්දීය ජනරජ දිනය සැමරීමට ඉන්දියාවේ ආරාධනයෙන් ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතාට විශේෂ පිළිගැනීමක් ඉන්දියාවෙන්  (26) හිමිවිය.

ඔඩිසා ප්‍රාන්තයේදී පැවැති ඉන්දීය ජනරජ දිනයට එහිදී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායම සහභාගි විය.

එහිදී විශේෂ රථයක නංවාගෙන නාමල් රාජපක්‍ෂ මහතා එම උත්සවයට කැඳවාගෙන ඒම කැපී පෙනුණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චිත්‍රාල් ප්‍රනාන්දු, චාමිද්‍රිනී කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධන, පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරාල සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහත්ම මහත්මීහු ජනරජ උත්සවයට සහභාගී වූහ.

Lankadeepa (යොහාන් භාසුර)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!