BREAKING NEWS
Search

විවාහ වී මාස දෙකෙන් ජීවිතය හැර ගිය නාමල් පණ අදිමින් කළ එකම ඉල්ලීම..!

36866

 

 

ඇල්ලේ ඛේදවාචකය දවසේ ඇසුණු දුක්බරම කතා අතර තිබුණු තවත් එක් සංවේදී කතාවක් තමයි ඉනෝකා සහ නාමල් රුවන්තට සම්බන්ධ කතාව. ඒ් ඔවුන් විවාහ වී මාස දෙකක් වගේ කෙටි කාලයකදි නාමල් ජීවිතය හැර ගිය නිසා.

මේ වෙද්දී ගැබිණියක් වී සිටින ඉනෝකා, දුක දරාගන්න බැරිව ඇඩූ කදුළින් සිටියදී නාමල් මිය යන්නට පෙර කළ අන්තිම ඉල්ලීම පිළිබදවත් ඇයට අහන්න ලැබුණා. ඒ් කතාව අපිට කිව්වේ, ඇල්ල ප්‍රදේශයේ ජීවත් වෙන පුබුදු ගිම්හානයි.

“ ඒ් අය්යව කඹ ආධාරයෙන් උඩට අරන් එද්දී සිහිය තිබුණා. මමත් ඒ්කට උදව් කළා. ඒ් වෙලාවේ එයාගේ වම් කකුල කැඩිල, නහරකින් එල්ලී එල්ලී තමයි තිබුණේ.

අපි ඉතින් එයාව පරිස්සමට අරන් ට්‍රොලියක තිබ්බා. ඒ් වෙලාවේ එයා කකුල දිහා බලල වේදනාවෙන් ඇහුණා ‘අනේ මල්ලි මගේ කකුල කපන එකක් නැහැ නේද’ කියල.
මම කිව්ව, ‘නැහැ අය්යේ. අපි දැන් බෙහෙත් දාලා ඔයාව ඉස්පිරිතාලෙට යවනවා..ඔයා කලබල නැතිව ඉන්න’ කියලා. ඊට පස්සේ ඒ අය්යා ආපහු කිව්වා, ‘මල්ලි මගේ ඔළුව රිදෙනවා’ කියලා. ඒ් පාර මම ඒ් රිදෙනවා කිව්ව තැන පරීක්ෂා කරල බැලුවා. එතැන තිබුණේ ලොකුවට දෙබෑ වෙච්ච මරාන්තික තුවාලයක්.

“මම ඒ් පාර ඉක්මණින්ම එම්බියුලන්ස් එක ළගට දුවගෙන ගිහින් ලොකු බැන්ඩේජ් එකක් අරගෙන ඇවිත් ඔළුව එතුවා. ඒ්ත් හරි ගියේ නැහැ. ලේ නවත්වන්න බැරි වුණා. දොස්තර මහත්තුරුන්ටත් ඒ් අය්යව බේරගන්න බැරි වුණා. මට ඒ් සිදුවීම මතක් වෙද්දි මාරම දුකයි. එයා හිතාගෙන හිටියේ කකුල නැති වෙයි කියලා. ජීවිතේ නැතිවෙයි කියලා එයා හිතුවේ නැහැ. මට ඒ් සිදුවීම දැනුත් මැවී මැවී පෙනෙනවා.”

පුබුදු මේ කම්පනය නිසාම තංගල්ලේ පිහිටි නාමල් රුවන්තගේ මලගෙදරත් ගියා. ගිහින් මේ පිළිබදව ඉනෝකාටත් කියා තිබුණා. ඒ්ක ඇත්තටම සංවේදීම කතාවක්.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!