BREAKING NEWS
Search

“මිනිසා ස්වභාවධර්මයට කළ විනාශයට සොබාදහම දැන් දරුණු විදිහට ප්‍රතිචාර දක්වමින් ඉන්නවා. වන්නිල ඇත්තෝ හැඟුම්බරව කළ කතාව.

400

 

නොසැලකිලිමත් සංවර්ධනය සහ මිනිසාගේ අත්තනෝමතික ක්‍රියා නිසා සොබාදහම අද දරුණු ලෙස කෝපයට පත්ව ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසති.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මිනිසා කිසිවිටකත් සොබාදහම පාලනය කිරීමට උත්සාහ නොකළ යුතු බවයි.

වසර දහස් ගණනක් තිස්සේ මහා වනාන්තරවලින් වැසී තිබුණු කඳු පන්ති, අවිධිමත් ලෙස කපා විනාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද නායයෑම්, ගල් පෙරළීම් සහ ගංවතුර සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි වන්නිල ඇත්තෝ පෙන්වා දුන්හ.

“මිනිසා ස්වභාවධර්මයට කළ විනාශයට සොබාදහම දැන් දරුණු විදිහට ප්‍රතිචාර දක්වමින් ඉන්නවා. මේ විපතේදී සොබාදහමට ආදරය කරන මිනිස්සුන්ටත්, ඒක විනාශ කරන මිනිස්සුන්ටත් එක වගේම දුක් විඳින්න සිද්ධ වෙලා.”

මිනිසුන් පණපිටින් පස් කඳුවලට යටවී මියයාම පිළිබඳව තමන් දැඩි සේ කනගාටු වන බවත් ඔහු එහිදී හැඟුම්බරව ප්‍රකාශ කළේය.

මෙම ආපදා තත්ත්වය නිසා ආදිවාසී ජනතාව ජීවත් වන ප්‍රදේශවලට සෘජු හානි සිදු නොවූවත්, වක්‍රව ඔවුන්ගේ ආර්ථිකයට දැඩි පහරක් එල්ල වී ඇති බව වාර්තා වෙනවා.
ආපදා හේතුවෙන් දඹානට සංචාරකයින්ගේ පැමිණීම නතර වී ඇත.

සංචාරක කර්මාන්තය මත යැපෙන ආදිවාසී පවුල් 100කට අධික පිරිසක් මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිති.

අවසාන වශයෙන් වන්නිල ඇත්තන් අවධාරණය කළේ, මිනිසා ස්වභාවධර්මයේ කොන්දේසිවලට යටත් විය යුතු බවත්, ඒවා උල්ලංඝනය කරන තාක් කල් මෙවැනි විපත්වලින් බේරීමට කිසිවෙකුට නොහැකි වනු ඇති බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!