BREAKING NEWS
Search

තලාවේ බස් අනතුරින් 20කට ආසන්න ප්‍රමාණයකට තුවාල..

2103

බස් අනතුරින් මේ වන විට එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා විය.


අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 20කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

තුවාල ලැබූ පිරිස අතර, පාසල් සිසුන් ද වන බව වාර්තා වේ.

තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ අනුරාධපුර රෝහල් වෙත යොමුකර ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන් ය.

බස් රථය අඩි පහක පමණ හෙලකට පෙරළී යෑමෙන් අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!