BREAKING NEWS
Search

දිට්වා නිසා ලක්ෂ 4කට ආසන්න පිරිසකට රැකියා අහිමි වෙයි – ILO කියයි

142

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ශ්‍රමිකයින් 374,000කගේ රැකියා අහිමි වී ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.

පසුගිය නොවැම්බර් මස අගදී ඇති වූ සුළි කුණාටුවත් සමඟ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙලෙස ශ්‍රමිකයින්ට පීඩාවට පත්ව ඇති අතර, එයින් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 48ක් දක්වා පාඩුවක් සිදුව ඇති බවට ද එම සංවිධානය ඇස්තමේන්තු ගත කර ඇත.

කෘෂිකර්මාන්තය සහ ධීවර අංශයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අතර, වී වගාකරන ලද ඉඩම්වලින් සියයට 23ක් දක්වා ගංවතුරෙන් බලපෑමට ලක්ව ඇති බවද ජාත්‍යන්තර කම්කරු සංවිධානය එම ඇස්තමේන්තුවෙන් ඉදිරිපත් කර තිබේ.

මේ අතර, තේ කර්මාන්තයට ද මුලික වශයෙන් 35%ක පාඩුවක් සිදුව ඇති අතර, නිෂ්පාදනයෙන් 70%ක් පමණ වන කුඩු වතුහිමියන් ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව ඇතැයි ද එම ඇස්තමේන්තුවේ වැඩිදුරටත් සඳහන්ය.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!