BREAKING NEWS
Search

‘ගාසා සිටි’ අත්පත් කරගැනීමේ නෙතන්යාහුගේ සැලැස්මට අනුමැතිය

583

 

 

ගාසා තීරයේ ඊශ්‍රායල පාලනයේ නොමැති ප්‍රදේශයක් වන ගාසා නගරය සම්පූර්ණයෙන් අත්පත් කරගැනීමේ බෙන්ජමින් නෙතන්යාහුගේ සැලැස්ම ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ඊයේ (7) රාත්‍රියේ රැස්ව ඇති අතර, එහිදී නෙතන්යාහු විසින් ගාසා නගරය සම්පූර්ණ හමුදා පාලනයකට අත්පත් කරගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කර ඇති බව සඳහන්.

ගාසා භූමියට උතුරින් පිහිටි මෙම ගාසා නගරය හැරෙන්න, ඊශ්‍රායලය දැනටමත් ගාසා තීරයෙන් 75%ක් පමණ පාලනය කරනු ලබයි. ඒ හේතුවෙන් එහි දේශසීමා රැසක් ඔවුන් විසින් මුද්‍රා තබා තිබේ.

ඒ අනුව ගාසා තීරයේ සම්පූර්ණ පාලනය ලබා ගැනීමට නම්, එහි මිලියන දෙකක ජනගහනයෙන් වැඩි කොටසක් රැකවරණය පතා ඇති විනාශ වී නොමැති ප්‍රදේශවල ද භූමි මෙහෙයුම් දියත් කිරීමට ඊශ්‍රාලයට සිදු වේ.

කෙසේ වෙතත් ඊශ්‍රායලයේ මෙම තීරණය හමාස් විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ජීවමාන ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිතවලට අනතුරක් ඇතිවනු ඇති බව ද සඳහන්.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *