ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති Wiebe Jakob De Boer සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදු වී තිබෙනවා.
දශක ගණනාවක් පුරා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සහ ද්වි-පාර්ශ්වික සහයෝගීතාවය මත ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ගොඩ නැගී ඇති දිගුකාලීන මිත්‍රත්වය කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණ දෙමින් සිටින ස්වාභාවික ව්‍යසනය වැනි අභියෝගාත්මක කාලවල දී සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ අතර, ආපදා අවදානම අවම කිරීම, යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ ඉදිරි මාර්ග පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.
ශක්තිමත් ලෙස නැවත ගොඩනැගීමේ අවශ්‍යතාව, වැඩිදියුණු කළ දිගුකාලීන සැලසුම්කරණයක් ගොඩනැගීම සහ ආපදාවලින් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා සහාය ලබාදීමේ අවශ්‍යතාව ද ඔවුන් මෙහි දී අවධාරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ හානියට පත් පාලම් කිහිපයක් නැවත ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවය කෙරෙහි ද මෙම සාකච්ඡාවේ විශේෂ අවධානයට ලක් වුණු අතර, එම පාලම් ඉදිකිරීම සඳහා සහාය වීමට තානාපතිවරයා විසින් නෙදර්ලන්තයේ කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
source – helakuru esana







