BREAKING NEWS
Search

මේ පුරුදු 7 තිබෙන පිරිමියෙකු නම් කවදාවත් විවාහ කරගන්න එපා

5192

සබදතාවයක පැවැත්ම වෙනුවෙන් ඔහු කරන පුංචි පුංචි වැරදි ඉවසා සිටිම බුද්ධිමත් තීරනයක් නෙවෙයි. එවිට ඔබට සිදු වන්නේ සදාකාලිකවම ඒ වැරදි සමග ජීවත් වීමටයි. ඔහු මේ දේවල් නිතර කරනවා නම්, මේ එම සබදතාවය ගැන තීරණයක් ගැනීමට සුදුසුම කාලයයි.

1 ඔහු සෑම විටම ඔබ පිළිබදව අවිශ්වාසයෙන් පසුවෙයි.
සෑම සබඳතාවයක්ම ගොඩනැගෙන්නේ විශ්වාසය මත. ඔහු ඔබව විශ්වාස නොකරනවා නම් ඒක ගැටළුවක්. ඔබව අවිශ්වාස නොකර සිටීමට හේතු තිබියදීත් ඔහු එසේ කරනවා නම් එම සබඳතාවයෙන් ඉවත් වීමයි කළ යුතු.

2. ඔහු ඔබ පවසන කිසි දේකට ඇහුම්කන් නොදෙයි.
බොහොමයක් සබඳතා වල පැවැත්ම සදහා ඔවුනොවුන්ම සාදා ගන්නා පුංචි පුංචි නීති රීති ටිකක් තියනවා. ඉතින් ඔහු මේ කිසිම දේකට එකඟ වෙන්නේ නැතිනම්, නොසලකා හරිනවා නම් ඒකෙ තේරුම ඔහු මේ සබඳතාවයට ගරු කරන් නෑ කියන එක.

3. ඔහු පොරොන්දු කඩන්නෙක්.
ඔහු නිතරම පොරොන්දු කඩ කරනවා නම් එහි අදහස ඔහු මෙම සබඳතාවය පවත්වාගෙන යන්නේ හුදෙක්ම විනෝදය සඳහා පමණක් බව. ඔහු ඔබේ හැඟීම් වලට කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නෑ.

4. ඔහු සිතනවා ඔහු සෑම විටම නිවැරදි බව.
තමා තුල විශ්වාසයක් ඇති කර ගැනීම හොඳයි. නමුත් පමණට වඩා විශ්වාසයෙන් පසු වීම සබඳතාවයක උනත් බිඳ වැටීමට හේතු වෙනවා. ඔහු හිතනවා නම් ඔහු පරිපූර්ණයි සහ සෑම විටකදීම නිවැරදී කියල අවශ්‍යම අවස්ථාවකදි උනත් ඔහු ඔබේ බසට නැවෙන්නේ නෑ.

5. ඔහු සෑම විටම අතීතයේ ජීවත් වීමට උත්සාහ කරනවා.
ඔහු අතීතයේ සිදු වූ ගැටුම් වාද විවාද නැවත නැවත මතක් කරනවානම් ඉන් අදහස් වෙන්නෙ ඔහු පැරණි අමනාපකම් හිතේ තියාගෙන ඉන්නවා කියන එක. මේ තත්වය සබඳතාවයක් කෙරෙහි සෘනාත්මකවයි බලපාන්නේ.

6. ඔහු බොරුකාරයෙක්.
ඔහු බොරුවක් කළ බව හසු වුනොත් ලේසියෙන් එයට සමාවක් දෙන්න එපා මොකද එක් වරක් බොරු කලා කියන්නේ නැවත නැවතත් ඒ දේ පහසුවෙන් කරනවා කියන එක. ඔබට කිසි දිනක නැවත ඔහුව විශවාස කිරීමට නොහැකි වේවි.

7. ඔහු නිතරම තම පවුලේ අය විවේචනය කරනවා.
තමන්ගේ පවුල සමඟ බැඳීමක් ඇති කරගැනීමට නොහැකි කෙනෙක් තමන් සමග බැඳීමක් ඇති කරගනී කියල විශ්වාස කළ නොහැකී. තමන් වෙනුවෙන් දෙමව්පියන් කල කැප කිරීම් පරිත්‍යාගයන් වලට ගරුත්වයක් දෙන්නට බැරි අයෙක් තුල ඔබ වෙනුවෙන්ද වටිනාකමක් ඇති වෙන්නේ නැහැ.

(පරිවර්තනය හෂී දිල්රූ)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!