BREAKING NEWS
Search

අලුත් පොලිස්පති වැඩ අරඹයි.. කෙලින්ම අමතන්න Whatsapp අංකයක්.. Call බෑ.. Chat විතරයි…

4223

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරතුරුවම මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා කැපවීමෙන් යුතුව තම රාජකාරී ඉටු කරනු ලබයි.

මෙහිදී මහජනතාවගේ අවශ්‍යතාවයන්ට මුල්තැන දෙමින් ඔවුන්ගේ පුද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත් අපරාධ හා ඔවුන්ට මුහුණ පෑමට සිදු වන විවිධ ගැටලුකාරී අවස්ථා වලදී සෘජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් ඇති බවට නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව, මහජනතාවට මුහුණ පෑමට සිදු වන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම් දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් 071 – 8598888 දරණ නව WhatsApp දුරකථන අංකය 2025.08.13 වන අද දින සිට හඳුන්වා දී ඇත.

මෙම WhatsApp දුරකථන අංකය ඔස්සේ මහජනතාවට පොලිස්පතිතුමා වෙත සෘජුවම කෙටි පණිවිඩ ලබා දීම, වීඩීයෝ දර්ශන හා ඡායාරූප යොමු කිරීම සඳහා පමණක් භාවිතා කළ හැකි අතර දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවට වැඩි දුරටත් දන්වා සිටිනු ලබයි.

එමෙන්ම පොලිස් නිලධරයන්ටද මෙම අංකය ඔස්සේ තම ගැටළු හා තොරතුරු සම්බන්ධයෙන් දැනුම් දීමේ හැකියාව පවතී.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!