BREAKING NEWS
Search

” බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත්‍ර නෑ.. ” සංචාරක ඔබට ලයිසන් අද සිට කටුනායකින්..

3505

 

මේක නම් සංචාරක ඔබට සුබම සුබ පණිවිඩයක් වෙයි.. අද සිට ඔබට මෙරටට පිවිසි මොහොතේ සිටම මේ පහසුව ලබා ගන්න පුළුවන්..

සංචාරය සඳහා මෙරටට පැමිණෙන විදේශිකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම වෙනුවෙන් අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (03) සිට විවෘත කෙරෙනවා.

ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයේදී බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ දක්වාම එම කටයුතු සිදුකළේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදී වුවත් සංචාරකයින්ගේ පහසුව සඳහා අද සිට එම කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේ ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

සංචාරය සඳහා මෙරටට පැමිණෙන විදේශිකයින් බහුතරයක් කටුනායක ගුවන් තොටුපොළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබා ගන්නවා.

එහිදී ඔවුන්ම රියදුරන්සේ කටයුතු කරමින් සංචාරවල නිරත වන බව දකින්න ලැබෙනවා.

මේ සඳහා යතුරුපැදි සහ ත්‍රීරෝද රථ මෙන්ම සැහැල්ලු වාහන ද යොදාගන්නා බවයි වාර්තා වන්නේ.

මෙම නව ක්‍රමවේදය තුළ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරුපැදිවලට අදාළ බලපත්‍ර පමණක් නිකුත් කිරීමටයි කටයුතු කෙරෙන්නේ.

ඒ අනූව, ඔවුන්ට බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකිරීමටද තීරණය කර තිබෙනවා.

Source – The Leader




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!