BREAKING NEWS
Search

ආයෙ කතා දෙකක් නෑ.. මහින්දට ⁣නිවසින් යන්නම වෙනවා.!

1799

 

රටේ හිටපු ජනාධිපතිවරුන් සිය බලය භාවිතා කර මහා විශාල නිවාස සංකිර්ණ හදාගෙන ජීවත් වුණ බවත් ඒවා වෙනස් කිරීමට වත්මන් ආණ්ඩුව ගන්නා තීරණ වලට තමා සතුටුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් එස්. බී දිසානායක සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රජයෙන් ලබාදුන් නිල නිවසින් ඉවත්ව යෑමට සිදුවන බවත් එම නිල නිවසින් ඉවත්ව ගොස් සුපුරුදු පරිදි සිය නිවසට ගොස් ජීවත්වීමට සිදුවන බවද හිටපු මන්ත්‍රී එස්. බී දිසානායක සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසින් ඉවත්ව යෑම සම්බන්ධයෙන් එස්. බී දිසානායක තවදුරටත් සඳහන් කළේ,

“එතුමට යන්න වෙනවා මේ නිවසෙන්.. මේ නීතිය පාස් කරාට පස්සේ එතුමට යන්න වෙනවා. එතුමටත් යන්න වෙනවා, මම හිතන්නේ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව මේ වෙනකොටත් ගිහිල්ලා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණි⁣යගේ තත්ත්වය මම දන්නෑ. ඉතින් ඒ අයට රජයෙන් දුන් නිවාස වලින් යන්න වෙනවා.”

මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රී එස්. බී දිසානායක මේ බව සඳහන් කරයි.

Source – Asian Mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!