BREAKING NEWS
Search

“සෙල්පි නැ, වීඩියෝ කෑලි නෑ සුපිරියටම ක්ලීන් කළා..” උපකාර අවශ්‍යම මොහොතක නිහඬව ඉටුකළ ඔවුන් ගැන ඇසෙන කතාව මෙන්න..

194

 

ඔවුන් අඩුම ප්‍රශංසාවක්වත් බලාපොරොත්තු වෙන්නනැතුව ඇති.

ඒකයි මේ විදිහට මේ දේවල් සිද්ධ කළේ. කොහොම වුණත් රටට අවශ්‍යම මොහොතක මේ වගේ නිහඬව සේවය කරන මිනිසුන් ගැන සමාජය දැනුවත්වීම අත්‍යාවශ්‍යයි.

මේ වෙලාවේ ජලය බැස යනවා වගේම තමයි පිරිසිදුකිරීම් කටයුතුත් බොහෝමයක් සිද්ධ කරන්න තියනවා.

අන්න ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක්ගේ උදව් අවශ්‍යම මොහොතක ඔවුන් නිහඬව කළ ඒ ක්‍රියාවලිය ගැන මෙන්න මේ වගේ සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.

ඉතින් පාසලක් තමන්ට හැකි උපරිමයෙන්ම පිරිසිදු කළ ඔවුන් ගැන ඇසුණේ මෙන්න මේ වගේ කතාවක්.

“මල්ලි මාතර පැත්තෙන් විසිපහක විතර සෙට් එකක් බැස්සා.

ප්‍රෙශර් ගනේ, වයිපර්, ඉදල් රෙදි කෑලි හෝදන බඩු සේරම අරන් ආවේ. එහෙ බැලුවා මෙහෙ බලද්දී මුළු ඉස්කෝලෙම සුපිරියට හේදුවා මල්ලි මැශින් වගේ.

කොටවත් වදයක් උනේ නෑ එයාලම බඩු ගෙනල්ලා කෑම උයාගෙන කෑවා. සෙල්පි නැ, වීඩියෝ කෑලි නෑ සුපිරියටම ක්ලීන් කලා. ඔහේලගේ තව ඉස්කෝල තියනවැයි සුද්ද කරන්න ඇහුවා. නැග්ගා. ගියා”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *