ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අභිමානවත් අයුරින් පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට දක්ෂ ක්‍රීඩක නුවන් ඉන්දික සමත් විය. ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කළේ (02) පැවති පිරිමි දුර පැනීමේ (T44/දණහිසින් පහළ එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික) ඉසව්වට තරග වදිමිනි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයේදී නොයෙකුත් අවස්ථාවලදී පදක්කම් දිනා ඇති නුවන් ඉන්දික, 2024 වසරේ ජපානයේ පැවති පැරා ලෝක ශූරතාවලියේදීද ලෝකඩ පදක්කමක් දිනාගැනීම විශේෂත්වයකි. ඔහුගේ ක්‍රීඩා දිවියේ දක්ෂතා අතරට T44 සහ T64 යන ද්විත්ව කාණ්ඩ යටතේම තරග වැදීමේ හැකියාවද කැපී පෙනෙයි.
මීට පෙරද විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කර ඇති නුවන්, 2022 වසරේ චීනයේ පැවති ආසියානු පැරා ශූරතාවලියේදී මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කමක් සහ දුර පැනීම ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත් විය. එමෙන්ම, 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනාගනිමින් ඔහු සිය දක්ෂතා ප්‍රකට කළේය.