අඟුණුකොළපැලැස්ස අබේසේකරගම මාර්ගයේ කීරියගොඩැල්ල මංසංධියේ අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති ගුවන් පාලම යට තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය සැකකරන්නේ, අදාළ තරුණයාව ඝාතනය කර පාලමෙන් බිමට දමන්නට ඇති බවය.
එලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි අබේසිංහ විජේනායක සංදීප ලක්ෂාන් නැමති තරුණයෙකි.
මෙම අභිරහස් මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන අඟුණුකොළපැලැස්ස පොලීසිය විසින් සිදුකරයි
Copied







