BREAKING NEWS
Search

තායිලන්ත – කාම්බෝජය ගැටුම විසදීමට ජනපතිට මැදිහත් වෙන ලෙස ඕමල්පේ සෝභිත හිමි ඉල්ලයි

1746

 

 

තායිලන්තය සහ කාම්බෝජය අතර හටගෙන ඇති පවතින ගැටලුකාරී තත්ත්වය සාමකාමීව විසඳාගැනීම සඳහා අතරමැදියෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මැදිහත් වන්නැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලීමක් කරයි.

උන්වහන්සේ පවසන්නේ ඒ සඳහා ජනාධිපතිවරයාට පූර්ණ අයිතියක් ඇති බැවින් භික්ෂූන් වහන්සේලා පෙරටු කරගනිමින් දෙරටේ බලධාරීන් හමුවී මේ පිළිබඳ කඩිනමින් සාකච්ඡා කළ යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි,

“බෞද්ධ රටවල් දෙකක් හැටියට කරුණාකරලා පාරම්පරිකව අවුරුදු දහස් ගණනාවක් තිස්සේ තමන් ලද උරුමයට මුල් තැන දීලා බෞද්ධ ක්‍රමයට මේ ප්‍රශ්නය විසඳගන්න ඉදිරිපත් වෙන්න. කරුණාකරලා ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන්න කියලා අපි තායිලන්තයේ සහ කාම්බෝජයේ බලධාරීන්ට කරුණාවෙන් මතක් කිරීම සඳහා වූ යෝජනාව සඳහා අද පාලක මහා සංඝ සභාවේ සම්මත වුණේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඓතිහාසික වශයෙන්ම දායදය ලත් ථේරවාද බෞද්ධ රටක් හැටියට අපේ රාජ්‍ය නායකයාට පූර්ණ අයිතියක් තියෙනවා මේ සිද්ධියට අතරමැදියෙකු සේ සම්බන්ධ වෙන්න. සාම නියෝජිතයෙකු හැටියට සම්බන්ධ වෙන්න. ඒ සඳහා ශ්‍රී ලංකා වාසී සියලුම බෞද්ධ පිංවතුන් අබෞද්ධ පිංවතුන් විශේෂයෙන්ම භික්ෂූන්වහන්සේලා පෙරමුණු කොට ගෙන අදාළ බලධාරීන් හමුවී මේක ගැන සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *